Call Of Juarez-Gunslinger
ඔයාල හැමෝම cowboys ල ගැන දන්නවා ඇතිනේ . film වලින් , එහෙම නැත්තන් කතා පොත් වලින් එහෙමත් නැත්තන් cartoon වලින් හෝ පරිගණක ක්‍රීඩාවන් මගින් හෝ කොහොමහරි ඔයාල අනිවාර්යෙන්ම මේ අය ගැන දන්නවා වෙන්නම ඕනේ . ඉතින් ඔයාල හැමෝම කවුද බෝයි කියන කාටුන් එකත් බලල ඇතිනේ .
හරිම ආස හිතෙනවා, අශ්වයන් උඩ යන්න එතකොට වෙඩි තියාගන්න,පොඩ්ඩ වැරදුනගමන් වලි දාගන්න එක මේවගේ විශේෂත්වයක්.ඉතින් මේ තියෙන ක්‍රීඩාවත් අන්න ඒ වගේම එකක් තමයි. cowboys ලටයි දකුණු ඇමෙරිකානු පරිසරයටයි කැමති අයට නියමෙටම ගැලපෙනවා . GUNSLINGER කියුවොත් නොදන්නා කෙනෙක් නැති තරමටම මේක ජනප්‍රියයි. ක්‍රීඩා මාලාවේ නම තමයි call of juarez කියන්නේ.ඉතින් අර මම කලින් කියුව වගේම මේකේ ඔයාලට නියම අත්දැකීම් ගන්න පුළුවන් ක්‍රීඩාවක්. දැනට Steam ratings 10/10 ම අරන් තියෙන මේ ක්‍රීඩාව ගෙතියන්නේ සයිලස් ග්‍රේව්ස් කියන තිලින දඩයම් කරුවකු වටා (Bounty Hunter) ඉතින් මෙයා ගැන ගොඩක් අය එක එක කතා කියනවනේ මොකද සයිලස් ග්‍රේව්ස් කියන්නේ ඇත්තටම හිටපු කෙනෙක්. ඉතින් මම අර කියුව වගේ මෙය ගැන එක එක කතා එක එක විදිහට පොත් වල ලියවිලා තියෙනවා,මොකක්ද ඇත්ත කියල හරියටම අදුරගන්න අමාරුයි . ඔන්න ක්‍රීඩකයාට අවස්තාවක් ඇවිත් තියෙනවා ඇත්තටම ග්‍රේව්ස් කලේ මොකක්ද කියල ග්‍රේව්ස් වෙලාම දැනගන්න. නියමයි නේද ,
ඉතින් ක්‍රීඩාව ස්ථාපිත කරගන්නවානම්
OS - Windows 7/8/8.1/10
Processor - 3GHz
Ram -2GB or Higher
Video -1GB (Intel Hd 3000 supported)
මේ කියන අංගයන් පිහිටුවා තිබිය යුතුයි
Comments
Post a Comment