Turok 2008

අපි ගොඩක්ම පරිගණක ක්‍රීඩා වල බලාපොරොත්තු වෙන්නේ විනෝදයනේ,ඒ උනාට ඇත්තම කියනවනම් දැන් තියෙන පරිගණක ක්‍රීඩා ගත්තම ඒවගෙන් ගොඩක් දැනුමත් ලබාගන්න පුළුවන්,තව පරිගණක ක්‍රීඩා වල තියෙන විශේෂත්වයක් තමයි.. ඒවා ගෙන් ඕනෙම කෙනෙක් බලාපොරොත්තු වෙන සිහින ලෝකයන් මවන්න පුළුවන්,ඉතින් මේ තියෙන්නේ අපිට මග ඇරුන පෘතුවියේ තවත් එක ජීවින් කොටසක් එක්ක නැවත හැප්පෙන්න ක්‍රීඩකයාට අවස්තාවක් ලබා දෙන ක්‍රීඩාවක්
ඇත්තටම කෙනෙක් හිතනවානම් අපි අද මේ ඉන්න ලෝකය තමයි පෘතුවිය ආරම්භයෙන්ම තිබ්බේ, අපි තමයි මේකේ අයිතිකාරයෝ කියල..එක වැරදි ඉතින් ඕනේ කෙනෙක් දන්නවා අපිටත් කලින් යෝධ උරගයන් ජිවත් වෙලා තියෙනවා, ඉතින් මේ ක්‍රීඩාව හැබැයි තියෙන්නේ පෘතුවියේ නම් නෙමෙයි ඒ උනාට පෘතුවියේ හිටපු හැම යෝධ උරගයෙක්ම ඉන්න තවත් ග්‍රහලෝකයක් ගැනයි. කතාවේ නම තියෙන්නෙත් ප්‍රධාන චරිතයෙන්ම අරගෙන. එයාගේ නම තමයි ටුරොක් ඉතින් එයා කලින් යම් කිසි ත්‍රස්තවාදී කණ්ඩායමක පුහුණු කරපු මිනිමරුවෙක්.කොහොමෙන් කොහොම හරි මෙයාට මේ ත්‍රස්තවාදීන් කරන දරුණු අපරාද ඉවසන්න බැරිව එයාලට විරුද්දව කටයුතු කරන්න ගන්නවා. තනියෙම නෙමෙයි තව කට්ටියක් මේකට මැදිහත් වෙනවා
ඉතින් එතන ඉදන් ලස්සනට ගලාගෙන යන කතාවක් තමයි මේ තියෙන්නෙ.ඉතින් කියන්න ඕනේ සුපිරිම පරිසරයක් තියෙන්නේ. ලස්සනයි ඒ වගේම භයානකයි
අර කතාවක් තියෙනවනේ දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග කියල
අන්න ඒ වගේ තමයි මේකත්. ඉතින් ක්‍රීඩාව ස්ථාපිත කරගන්න අවශ්‍ය නම්
CPU: Pentium 4 @ 2.4 GHz or Equivalent.
RAM:
GPU: 128 MB (nVidia GeForce 6600/ATI Radeon x1300)Intel HD 3000 supported
DX: DirectX 9.0c.
OS: Windows XP/Vista.
Store: 10 GB Free.
Sound: DirectX Compatible.
තියෙන්න ඕනේ
ඉතින් කැමති අයට පහල ලින්ක් එකෙන් බාගන්න පුළුවන් ස්තුතියි!
Go to the Download
Comments
Post a Comment