The Wolf among us

The Wolf Among us පරිගණක ක්‍රීඩාව (Steam 10/10)
The Wolf Among us පරිගණක ක්‍රීඩාව (Steam 10/10)
ඔයාල මිට කලින් Telltale එකෙන් නිර්මාණය කරපු ක්‍රීඩා සෙල්ලම් කරලා ඇති , හරියට අර walking dead game series එක වගේ ? ඔයාල ඒ ගැන දන්නවනම්,

ඉතින් පැහැදිලිවම එහෙනම් මතක ඇති එක එක්තරා විදිහකට අනෙකුත් ක්‍රීඩා වලට වඩා dramatic ගතියක් තියෙනවා කියල.ඉතින් මේ ක්‍රීඩාවත් නිර්මාණය කරල තියෙන්නේ එකම ආයතනයෙන් නිසා


මේකත් ඒ අකාරයටම තමයි නිපදවල තියෙන්නේ , ගොඩක් දෙනෙක්ටනම් මේක හරියටම ගැලපෙනවා එකනේ Steam වල 10/10 ක්ම ඇරගෙන තියෙන්නේ
ඉතින් මේක ටිකක් වෙනස්ම ආකාරයකට තමයි හදල තියෙන්නේ , මම හිතන්නේ ඔයාල පොඩි කාලේ ඉදන් ගොඩක් සුරංගනා කතා අහල ඇතිනේ, හරියටම කියනවනම්

Bigby, Woodsman = Red Riding Hood.
Colin & Bigby = Three Little Pigs.
Snow, Magic Mirror = Snow White.
Beauty and Beast = Beauty and the Beast.
Crane = Sleepy Hollow.
Bluebeard = Bluebeard.
Flycatcher = The Frog Prince.
ඉතින් ඕනේ කෙනෙක් දන්නවා උඩින් තියෙන කතා ටික , පොඩි කාලේ හරිම අසාවෙන් අහපු කතා තමයි ඒවා , ඉතින් වෙන්නේ මේකයි
එයාල හැමෝම ජිවත් වෙන සුරංගනා ලෝකෙන් එයාලව එලවනවා . පස්සේ ඔක්කොමල නිව්යෝක් වලට ඇවිත් Fabletown කියන නගරයේ ජිවත් වෙනවා.
කොහොම නමුත් අලුතෙන් තැනකට ඇවිත් හොල්ල හොල්ල ඉන්න බෑනේ ඒ නිසා මෙයාලගේම ආරක්ෂාවට
මෙයාලට අනිත් town වලට වගේම sheriff කෙනෙක්
mayer කෙනෙක් වගේම අනෙකුත් නිලධාරිනුත් පත්කරගන්නවා.sheriff විදිහට පත් කරගන්නේ little red riding hood කතාවේ නරිය ඉන්නේ ( ඔව් ඔව් අර ආච්චි වගේ වෙස් වලාගෙන හිටපු එකා තමයි)
අන්න එකාව , අවුලක් නෑ නරිය හොදටම හැදිලා ඉන්නේ ,ඉතින් කොහොමහරි මෙයාල හොදට නගරයේ ජිවත් වෙනවා , හැබැයි කාලයක් ගත වෙද්දී මේ නගරයේ ගැහැනුන් එකා දෙන්න බෙලි කපල මරල දාන්න ගන්නවා
ඉතින් කට්ටියම බය වෙනවා මොකක්ද මේ වෙන්න යන්නේ කියල.ඉතින් නගරයේ ඉන්න උසස් නිලධාරියෙක් විදිහට sheriff ට මේ ගැන හොයන්න සිද්ධ වෙනවා (ඔව් නරියට තමයි)
මෙයාට මේකට සහය වෙන්න snowwhite ඉදිරිපත් වෙනවා ඉතින් දෙන්න එක්ක මේක හොයද්දි වැටෙන අලකලංචි තමයි මේ ක්‍රීඩාවේ කතා මූලය වෙන්නේ , හරිම fun ඒ වගේම අබිරහස් විසදන්න කැමතිඅයට මරුවටම ගැලපෙනවා
ඒ වගේම තමයි ඔයාල කතාව සෙල්ලම් කරනකොට ගන්න තීරණ අනුව කතාව වෙනස් වෙනවා ඒ නිසා හොදට meter එකෙන් සෙල්ලම් කරන්න ඕනේ දෙයක්

ඉතින් ක්‍රීඩාව ස්ථාපිත කරගන්න අවශ්‍යනම්

OS: Windows XP SP3/Vista/7/8/8.1/10
Processor: INTEL Core 2 Duo 2.0 GHz
RAM: 3 GB
Video Memory: 512 MB
Video Card: NVIDIA GeForce 205 or ATI Radeon HD 6290
Sound Card: DirectX Compatible
DirectX: 9.0c
Hard Drive: 6 GB free
යන අංගයන් සපුරා තිබීම ප්‍රමාණවත්

ඔන්න ඉතින් ඕනේ අයට පහත ලින්ක් එකෙන් දැන්ම බාගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ. මේ ක්‍රීඩාවේ episodes 5ක් තියෙනවා, ඒ 5ම මේකේ අන්තර්ගතයි අමුතුවෙන් හොයන්න දෙයක් නෑ

Download the Game


Comments

Popular Posts