Mafia II
2k ආයතනයෙන් නිපදවනු ලැබූ මාෆියා පරිගණක ක්‍රීඩාව රසිකයන් අතර ප්‍රසිද්දියක් ගනු ලැබුවේ අද ඊයේ සිට නොවේ.2002 වසරේදී නිපදවූ මාෆියා ක්‍රීඩාව එහි දෙවන සංස්කරණය සමඟ සංසන්ධනය කරොත් ක්‍රීඩාවක් යැයි කිව නොහැකි ලෙස වුනත් . එය 2002 වසරේ ආ අනෙකුත් ක්‍රීඩාවන් සමඟ ගත් කල ඉතාමත් සාර්ථක නිර්මාණයක් ලෙස දැකිය හැකිය. මිනිසුන්ගේ රැවීම් සිනහවන් හා ශෝකයන් ඉතාමත් මැනවින් විදහාපාමින් සුපිරි ගනයේ කතාංගයක්ද සමග මාෆියා පලවෙනි සංස්කරණය නිමවා තිබීම මෙයට හේතුවක් විය හැකිය.
දෙවන සංස්කරණයේ කතාව ටිකක් වෙනස්ය.මෙහිදී මුලිකවම ඇත්තේ Vito Scaletta නමැති දෙවන ලෝක යුධ සමයේ සේවය කරන භටයකු හා ඔහුගේ යහළුවන් පාතාලය සමග සම්බන්ධ වී කරන ක්‍රියාකාරකම් රැසක් හේතුවෙන් නගරයේ උද්ගත වන තත්වයන් ය.එමෙන්ම GTA පරිගණක ක්‍රීඩාව මෙන්ම ක්‍රීඩකයාට නිදහස් පාරිසරික රටාවක් සමග ක්‍රීඩා කිරීමට හැකිවීම සහ පුද්ගලික අවශ්‍යතා සපුරාගැනීමට හැකිවීම ක්‍රීඩාවේ විශේෂත්වයකි.අති නවීන පන්නයේ නොවුවත් ඉතාමත් චිත්තාකර්ශනීය අයුරින් ක්‍රීඩාවේ වට පිටාවන් සහ උපකරණ නිර්මාණය වී ඇත.
මාෆියා දෙවන සංස්කරණය ස්ථාපිත කිරීම සඳහා
CPU: Pentium D 3GHz or AMD Athlon 64 X2 3600+ (Dual core) or higher.
RAM: 1.5 GB.
OS: Microsoft Windows XP (SP2 or later) / Windows Vista / Windows 7.
VIDEO CARD: NVIDIA GeForce 8600 / ATI Radeon HD 2600 Pro or better.
FREE DISK SPACE: 8 GB
තිබීම ප්‍රමාණවත්ය



Comments
Post a Comment